-->

The Watch 2012 [sinhala subtitle]

1 comment





ලෝක විනාසෙත් ලගයි නේද?. ප්‍රවෘත්ති බලනව නම් ගොඩක් අයට දැනගන්න පුළුවන් වෙයි රතුවැසි, පොඩි ළමයින්ගෙ ඇග කැසීම් ගැන; ඒ වගේම ලගදි අහසෙ අමුතු එළියකුත් දැක්කලුනේ. බොහෝ විද්‍යඥයින් නම් කියන්නෙ පෘථිවිය විනාශවෙන්නෙ පිටසක්වල ජීවීන් පැමිණිමක් සමගින් කියල.ඉතිං මේව මෙහෙම වෙද්‍දි ලෝකයෙත් මේ හා සමාන නිර්මාණ බිහිකරනවා.ඒ නිර්මාන අතුරින් මේක එකක් කියල කියන්න පුළුවන්.  වොච් මූවි එක ගොඩක් Comedy මට්ටමින් නිර්මාණය කරත් ලොකු පණිවිඩයක් දෙනවා, ඒ තමයි පිටසක්වල ජීවීන් දෝ මේ පෘථිවිය විනාශ කරනව ඇත්තෙ කියල.

මේ කතාවෙ එවන් කියන කෙනාට කොස්ට්කෝ කියල සුපර් මාකට් එකක් තියෙනවා. ඒ වගේම එයා එක ක්ලබ් වලට නායකත්වයද උසුලනවා. ඉතිං දවසක්  රෑ මෙයාගෙ ෂොප් එක මුරකරන මුරකාරයව කවුදෝ විසින් මරල දානවා. කිසිම කෙනෙක්ට කවුද මැරුවෙ කියල හොගන්නත් බැරිවෙනවා. එයා ඉන්න ග්ලෙන්විව් කියන නගරයෙත් පොලිස්කාරයො ඉන්නෙ 8 දෙනෙක් විතර, ඒක නිසා මෙයා තමාගෙම කියල සංගමයක්  නිර්මාණය කරනවා ඒ තමයි The Watch කියන සංගමය. ඉතිං මෙයා ප්‍රසිද්ධ තැන්වල කියනවා මෙයාගෙ සංගමයට එන්න කියල ඒත් එන්නෙ ඔය පිංතූරේ ඉන්න 4 දෙනා පමණයි, හැබැයි 4 දෙනා වුනාට පුදුම කරදරය තමා දෙන්නෙ, අඩුම ගානෙ මට‍ ලයින් ටිකවත් අඩුකරල දුන්නෙනෑනෙ. කියවනවා කියවනවා ඉවරයක් නෑ, හැබැයි මාර විහිළු කතා තමයි කියන්නෙ. ඉතිං මේ කට්ටය කරන්නෙ තමාගෙ නගර‍යෙ ඉන්න මිනිස්සු අර මිනීමරුවගෙන් ආක්ෂා කරනවා, ඒත් මෙයාල දන්නෙ නෑ මරල තියෙන්නෙ පිටසක්වල ජීවියෙක් කියල.

මේ කතාව Comedy | Sci-Fi  දෙවර්ගයම එකහා සමානව නියෝජනය කරනව කියන්න පුළුවන් ඒත් කොමඩි ගතිය ටිකක් වැඩියි, ඒ වගේම චිත්‍රපටය නිපදවල තියෙන්නෙ Twentieth Century Fox ආයතනය විසිනි, ඒ වගේම චිතුපටය නිර්මාණයට ඇත‍මේන්තු ගත කරල තියෙන මුදල $68,000,000  වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්, එමෙන්ම චිත්‍රපටය ප්‍රදර්ශනය කරල සතියක් ඇතුලත $12,750,297 ප්‍රමාණයක ආදායමක් ලබල තියෙනව කියලත් කියන්න ඕන. චිත්‍රපටයට ප්‍රධානම චරිතය කරන්නෙ අපි කවරුත් දන්න Ben Stiller විසිනි. ඒ වගේම අනිත් තුන්දෙනත් එකහා සමානව චරිතය අරගෙන යනවා කියල කියන්න පුළුවන්. මේ මූවි එක  බැලුවම මට පේන්නෙ බොහෝදුරට මෙහි දෙවැනි කොටසකුත් එයි කියලයි. ඉතිං මං හිතනව මේ කියෙව්ව ඇති කියල. එහෙනම් අපි බලමු මේ නිළ නොලත් ආරක්ෂක කණ්ඩායම කොහොමද පිටසක්වලයින්ට මුහුන දෙන්නෙ කියල. ආ තවදෙයක් මෙහි ඇතැම් දර්ශන අතිශයින් වැඩිහිටියන්ට පමණක් සීමාවුනු ඒව, අනිත් එක කියන වචන ඇතැම් අවස්ථාවල මට ඒ විදියටම පරිවර්තනය කරන්න සිදුවුනා හැබැයි සංයමයක් ඇතුව, ඒත් වැඩිහිටියෙක් මුලින්ම බලලා පස්සෙ වෙන අයට පෙන්වන්න කියල මම හැමෝගෙන්ම ඉන්නවා. එහෙනම්  හැමෝටම සුභ දවසක්.












සිංහල උපසිරැසිය බාගන්න












සිංහල උපසිරැසි නැරඹීම සඳහා KM Player භාවිතා කිරීම වඩාත් යෝග්‍යවේ












Related Posts

1 comment

Post a Comment

Subscribe Our Newsletter