-->

Hellboy II: The Golden Army 2008 [sinhala subtitle]

1 comment






මේපාර කතාව නම් ටිකක් වෙනස්, කතාවෙ මුල්ම ටික පෙන්වන්නෙ හෙල්බෝයි පොඩිකාලෙ එයා කියවන්න කැමති කතන්දර පොතක එක්තරා සිද්ධි ටිකකින් තමයි, ඒ කිව්වෙ පොතේ තිබෙන කතාව රූප රාමු වලින් පෙන්වනවා කියලයි, එත් හෙල්බෝයි කියටවත් හිතන්නෙ නෑ මේ කතා පොතේ එන සිද්ධීන් අනාගතේ ඇත්තක් වෙනවා කියලා, කතාවෙ හැටිය එක්තරා රජ පවුලකට තමයි මෙ ලෝකෙ මිනිස්සු හැමෝම අයිති වෙන්නෙ, ඔහු තමයි මේ ලෝකෙ පාලනය කරන්නෙ, ඔහුගෙ පාලනයකින් තොරව කෙනෙක් ක්‍රියා කලොත් ඔහුට අත්වෙන්නෙ මරණය, ඔහු හරියට දෙවි කෙනෙක් වගේ නැති බලයක් නෑ, ඉතිං මේ රජුට තේරුම් යනවා මෙහෙම පාලනය කරලා මේ මිනිසුන්ට හිංසා කරලා වැඩක් නෑ කියලා. ඒක නිසා ඔහු එක්තරා තාවකාලික යුධ විරාමයක් තබනවා, ඉති ඒ විරාමය මේ කාලය වන තුරුත් පවතිනවා, ඒත් එම රජුගෙ පුත් කුමාරයට නම් මේක ඇතිවෙලයි තියෙන්නෙ. ඔහු හිතනවා මිනිසුන් දෙවියො ගැන විශ්වාස කරන්නෑ කියලා. ඒක නිසා ඔහු එම තාවකාලික සටන් විරාමට තිත තියලා යුද්ධය ආරම්භ කරන්න පටං ගන්නවා ඔන්න මෙතනින් තමයි කතාවෙ පටං ගන්නෙ, ඔයාලා හිතුව නේද මම කතාව ඔක්කෝම කිව්වා කියල හිහි, නෑ අනේ මම කිව්වෙ කතාවෙ මුල ටික විතරයි එහෙනම් කතාව බලලාම ඉමුකො.

මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.1 ක සුපිරි රේටින් ප්‍රමාණය් ලබාගෙන ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්.මෙය රිලීස් වුනේ 2008 ‍ජූලි මාසයේයි. චිත්‍රපටය නිෂ්පාදයට යොදපු මුළු මුදල වශයෙන් පෙන්වාදිය හැක්කෙ ඇමරිකානු ‍ඩොලර් කෝටි 8.5 ප්‍රමාණයක් ඒත් ලැබුනු ආදායම ඩොලර් ලක්ෂ 7.3 වගේ ප්‍රමානයක් තමයි 2008 නොවැම්බර් මස වන විට වාර්ථා වෙලා තිබෙන්නෙ, සමහර විට මේ වනතෙක් මෙහි තෙවන කොටසක් නිපද වී නැත්තෙ ‍ඒ නිසා වන්නට ඇති, එහෙත් මට තිබෙන පුදුමය තමයි මෙච්චර ලස්සන චිත්‍රපටයකට ජනතාව ඇදී නොගියේ මන්ද යන්නයි. හැබැයි පුංචි ආරංචියක් තිබෙනවා මෙහි තෙවැනි කොටසකුත් නිපද වෙමින් පවතින බව, එයත් ලෝකයට දායද කරොත් අනිවාරයෙන්ම උපසිරැසි සමගින් ලබාදෙන බවට පොරොන්දු වෙනවා, ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ පවුලෙ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක් වගේම ලස්සන Effect භාවිතා කරපු ‍හරිම ලස්ස චිත්‍රපයක් කියලයි, මේ වන තෙක් නොබැලුවා නම් අනිවාරයෙන්ම බලන්න, එහෙනම් තවත් දවසක හමුවෙමු, එතකං හැමෝටම සුභ දවසක්.














Download Sinhala Subtitle




සිංහල උපසිරැසි නැරඹීම සඳහා KM Player භාවිතා කිරීම වඩාත් යෝග්‍යවේ








Related Posts

1 comment

  1. සබ් ටික වෙන තැනකට අප්ලෝඩ් කළා නම් තමයි හොද. විනාඩි 3 ක් විතර යනවා සබ් එක ගන්න. mediafire වගේ තැනකට අප්ලෝඩ් කරලා ලින්ක් එක තිබුණනම් සබ් එක ලේසියෙන්ම ගන්න තිබුණා. කොහොම උනත් සබ් එකට ස්තුතියි!

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter