-->

Epic 2013 (ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්)



වයස අවුරුදු 17 වන මේරි කැතරින් ඇයගේ මවගේ මරණයෙන් පස්සේ එනවා තමන්ගේ විකාරරූපී විද්‍යාඥ පියා එක්ක ජීවත් වෙන්න. නිවස පිහිටා තියෙන්නේත් පාරෙන් ඇතුලට වෙන්න, කැළයකට මායිම් වෙන්න. ඔහු අමුතු පුද්ගලයෙක්. කිසිම පිළිවෙලක් නැහැ වැඩ. හැම වෙලාවේම ඔළුවේ තියෙන්නේ පුංචි මිනිස් සොල්දාදුවෝ පිරිසක් ගැන. මේ දෙන්නගේ සම්බන්ධයත් පුදුම සහගතයි. දුව හා තාත්තා කොටින්ම කියනවා නම් අමුත්තන් වගේ. ඒ තරමටම පියා ඔහුගේ පර්යේෂනයන් හා ඇලිලා ගැලිලා ඉන්නෙ. දැන් ඇයට ඕනෙ තමන්ගේ පියාව මේ සෙවීමෙන් මුදවා ගන්න. සාමාන්‍ය පියෙක් වගේ හැසිරෙනව දකින්න…..

මේ සියල්ල අතර සුන්දර සොබා දම් මාතාව සුරකින රැජිනක් ඉන්නවා. ඇය තමයි ඒ වන අරණේ ජීවය රැදි මූල බීජය. ඒ වගේම තව ඉන්නවා පිරිසක් ඔවුන් හැකි හැම දෙයම කරනවා මේ වන අරණ වනසන්න. මේ රැජින ශත වර්ෂයකට වතාවක් චාරිත්‍රයක් ඉටු කිරීමට තම ආරක්ෂකයන් පිරිවරාගෙන තම මාලිගයෙන් ඈතට යනවා. මේ අවස්ථාවේ සොබා දහමේ සතුරන් ඇයට පහර දෙනවා ඇය මිය යන්නේ මේරිගේ ඇස් ඉදිරිපිට. ඇයගේ අවසන් වදන් ඇය සතුයි. දැන් වන අරණේ ගැලවුම් කාරිය ඇයයි. රැජිණගේ අවසන් වදන් මොනවා ද? මේ චාරිත්‍රය කුමක් ද? එය මේරිට සම්පූර්ණ කල හැකි වේ ද? කුමන බාදා එල්ල වේද ඒ හට? ඇයට මේ සඳහා කවුරුන් සහය වේවිද? මේ ඔක්කොම ඔයාලම බලන්න.
උපුටා ගනීම baiscopelk.com වෙබ් අඩවියෙනි.






Epic (2013) on IMDb
Quality : Bluray
Size : 800M/1.3G


Related Posts

Post a Comment

Subscribe Our Newsletter