-->

8MM (1999) ගැන



ඇමරිකාවේ එක්තරා ප්‍රදේශයක වෙසෙන පිළිගත්, වැදගත්, මහේශාක්‍ය වැන්දඹුවකගෙන් ටොම් වෙල්ස්ට පැවරෙනවා පොඩි පරීක්ෂණයක්. මේ වැන්දඹුව ඒ පළාතේ දේශපාලන බලාධිකාරයට නෑකම් කියන්නේ; වගේම ගරුත්වයට ලක් වෙන්නේ; තමන්ගේ


ස්වාමිපුරුෂයා එතරම්ම වැදගත් හා උසස් ලෙස පිළිගත් කුලවත් බලවත් ධනවතෙක් වූ නිසයි. නමුත් දැන් ඔහු මියගිහින්. ඉතිරි වෙලා තියෙන්නේ ඔහුගේ ලට්ට ලොට්ට ගොඩේ තියෙන අනම් මනම් වගයක් විතරයි. මේ අස්සේ එක්තරා වීඩීයෝ දසුන් පෙළක් සහිත මි.මී. 8ක පටයක් දැක්ගන්නට ලැබීම නිසා තමයි මේ කිවූ වැන්දඹුවට මේ විදිහට පරීක්ෂණයක් 

සඳහා යොමු කරවීමේ හිතක් පහළ වෙන්නේ. ඒකට හේතුව එම දර්ශන පෙළෙහි අඩංගු වන දේ ඇත්තටම සිදු වූවක්ද නැතහොත් නිකම්ම නිකම් රූප පෙළක් පමණක්මද යන වග දැනගැනීමට ඇයට ඇති වන කුතුහලය.

ඒ සඳ හා ඇය මෙය භාර දෙන්නේ පෞද්ගලික පරීක්ෂකයෙක් වන ටොම් වෙල්ස්ට. ඔන්න එහෙමයි මේ කතාවට Nicholas Cage පිවිසෙන්නේ. මම අර පෙර කිවූ වැන්දඹුව තමන්ගේ සැමියාගේ ලොවට පෙනෙන රුවත්
සැඟවුණු රුවත් අතර වෙනස ගැන ඇති වූ සැකසංකාවන් නිසා තමයි තමන්ගේ සැමියාගේ වැඩ කටයුතු ගැන මේ ලෙස හොයා බලන්නට පෙළඹෙන්නේ.ඇයට මෙය පොලිසියට දන්වන්නට බැහැ. එක් හේතුවක් වන්නේ මෙය නිකම් සාමාන්‍ය වීඩියෝවක් වීම, අනික මෙය සත්‍යයක් බව හෙළි වුණොත් ඔහුගේ ප්‍රතිරූපයට ඉන් එල්ල වන තද බල පහර. මෙන්න මේ නිසායි ඇය මේ කටයුත්ත මම කිවූ පෞද්ගලික පරීක්ෂකවරයාට පවරන්නේ. දන්නවනේ පෞද්ගලික පරීක්ෂකවරු තමන් සොයාගත්ත දේ මොකක් වුණත් යම් යම් ප්‍රතිපත්ති මත පදනම්ව හිඳගෙන තමන් සොයාගත් දේ පොලිසියට දීමෙන් වැළකී සිටින බව. ඒවා පොලිසියට පැවරීම අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය යැයි හැඟුණොත් පමණයි ඔවුනට භාර දෙනු ලබන්නේ. ඇතැමුන් මේ තමුන් සොයා ගන්න කරුණු ප්‍රසිද්ධියට පත්වීම වැළැක්වීමට අපරාධ කරුවන්ට යුක්තිය පසිඳලීමේ කටයුත්තත් තමුන් විසින්ම ඉ‍ටු කරනවා. (ෂර්ලොක් හෝම්ස් ද ඇතැම් විට එහෙම කළ බව ඔබට මතක ඇති!)
මෙහිදී නම් මේ අහම්බෙන් ලැබෙන පරීක්ෂණය මේ පරීක්ෂකවරයාව යොමු කරවන්නේ නොසිතූ විරූ ආකාරයේ තත්ත්වයකට. ඔහු මේ ඔස්සේ සොයා යන්නේ ජීවිතයද මරනයද යන්න පවා අවිනිශ්චිතයි. ඔහු පමණක් නොවෙයි ඔහුගේ පුංචි පවුලටත් මේ ඔස්සේ මුහුණ දීමට සිදුවන්නේ අති විශාල අවදානමකටයි. නමුත් බාධක පරළු ආවට නවතින කෙනෙක් නෙමේ ඔහු. එම රහසේ අග මුල සොයා යාම මහා වෑයමකින් ඉ‍ටු කරන්නේ තමන් භාරගත් වැඩේ සම්පූර්ණයෙන්ම නිම කරලා ප්‍රතිඵල තමන්ගේ සේවා දායකයා වෙත ලබා දීමේ අවංක චේතනාවෙන්.
නමුත් ඔහු මේ මාර්ගයෙන් ගොස් පැමිණෙන්නේ කිසිවෙකු නොසිතන අවසානයකට. මෙතරම් සුළු කුඩා වීඩියෝවකට මෙතරම් හරියක් කිරීමේ හැකියාවක් හිමි වුණේ කොහොමද? අවසානයේ ඔහුට යුක්තිය පසිඳලන්නටත් වේවිද? මෙය 1999 නිකුත් වූවක් වුවත් Nicholas Cage රඟන කතා අතුරින් මා නැරඹූ ආකර්ෂණීයම සහ රසවත්ම කතාවක් බව පැවසිය යුතුමයි



                මෙතනින් movie trailer එක බලන්න




IMDb Rating: 6.3

Director: 

Joel Schumacher










                                      මෙතනින් Film එක ගන්න




Related Posts

Post a Comment

Subscribe Our Newsletter