-->

Hammer of the Gods 2013 [ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්]






මතකද මීට මසකට වගේ ඉස්සර ඉවර වුන Vikings ටෙලි කතා මාලාව? මම හිතනව බැලුව උදවියට Viking වරුන් පිළිබදව මේ වෙනකොට යම් දැනුමක් ඇති කියල. අතිශූර රැග්නා නම් නායකයා සමග යුද වැඩෙමින් එංගලන්ත ආක්‍රමණ ගණනාවකට සහබාගී වෙලා තියන අපිට ඔන්නෙ අයෙත් රැග්නා නොවුනත් තවත් වයිකිංග් කුමරෙකු සමග රණ බිමට යන්නට අවස්ථාව උදා වෙල තියනව ඔන්න.මුලින්ම මේකෙ ඉන්නව අපි දන්න හදුනන කිහිප දෙනෙක්ම. Clive Standen ඔහු තමයි Vikings ටෙලි කතා මාලාවේ රැග්නාගේ සහෝදරයාගේ භූමිකාවට පණ දුන්නෙ, අපි හැමෝම දන්න විදිහට නම් “රෝලෝ”. Ivan Kaye ඔහු තමයි Vikings කතා මාලවෙ නොතම්බ්‍රියාවෙ රජු ලෙස රගපාන්නෙ. Elliot Cowan ඔහුත් මේ ටිකේ ඔබගේ ආලින්දයට ගොඩ වදිනව Da Vinci’s Demons තුලින් ලොරෙන්සෝ මෙඩිචි ලෙස. ප්‍රධානම චරිතය වෙන්නෙ Charlie Bewley. ඔහු පිසාච මිනිස් ආදරය ගැන කිය වෙන කතා මාලාවේ හා චිත්‍රපට මාලාවේත් ඉන්න නිසා ඔබ හැම දන්න කෙනෙක්. ඔය තමයි ප්‍රධාන නළුවන් පිරිස. අධ්‍යක්ෂක වරය Farren Blackburn, Matthew Read තමයි පිටපත සපයා තියෙන්නෙ. මහජනතාව අතරට මෙය පත වුනේ මැයි මාසෙ 30 වැනිද. කෙලින්ම අයත්වන කාණ්ඩය කියනව නම් Action. මේ වසරේ මම දැක්ක හොදම කඩු හා කෙටේරි සටන් ඇතුලත් චිත්‍රපටය කිව්වොත් මම් නිවැරදී. හැම මිනිත්තු 4, 5කටම වරක් සටන් ජවනිකාවක් නම් වරදින්නේ නැහැ මේක්. IMDB එකෙත් 5.9ක අගයක් තියනව.

හරි දැන් හෑලි කියෙව්වෙ ඇති අපි බහිමු කතාවට. බැක්සෙක් රජතුමා සැක්සන් වරුන් එක්ක පවතින යුද්ධයේදි එංගලන්ත භූමිය තුලම බරපතල තුවාල ලබනව. ඔහුගේ අතිරේක බල සේනාවක් අරගෙන එංගලන්තයට එන්න පිටත්වන බාල පුතනුවන් වන ස්ටයිනර් අනෙක් පිරිසට කලින් ගොඩ බහිනව. ඔහුට මේ ආරංචිය සැලවූ වහාම පියා බැහැ දකින්න යන ඔහු දකින්නේ මැරෙන්න පණ අදින තමන්ගේ පියාව. රජතුමා ඔහුට කාර්‍යයක් බාර කරනව, ඇත්තෙන්ම එය තමයි රජුගේ අවසාන ඉල්ලිම. ඒ තමයි ඔහුගේ පළමු දරුවා හොයා ගන්න. රජු රැගෙන එන්න….! පළමු දරුවා තමයි හාකන් ඔහු පිටුවහල් කර තිබෙන්නෙ රාජධානියෙන්. එයට හේතු දැනගන්න නම් වෙන්නෙ අවසානයේ. ඉතින් තම පිය රජතුමාගේ ඉල්ලීම ඉටුකරන්න ස්ටනර් යනව තම මිතුරන් එක්ක කිසිදු අනුකම්පාවක් නොලැබෙන සතුරු දේශයක් හරහා. සටන් හා මාරක අනතුරු වලින් පිරි මේ මගේ ඔහුගේ මිතුර කණ්ඩායම හා ඔහුට මුහුණදීමට වන සියල්ල ඔබට දැන් බලාගන්න පුලුවන්. නමුත් මෙහි අවසානය නොසිතූවක් කියන ඉගියත් මම් ඔබට දෙනව අවසාන වශයෙන්.
උපුටාගැනීම www.sinhalasubtitle.com වෙබ් අඩවියෙනි!







IMDb : 4.7/10
Size : 800M
 Quality : Bluray




බාගැනීම්:





Related Posts

Post a Comment

Subscribe Our Newsletter