-->

Alex Cross (2012) සිංහල උපසිරැසි හා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්

1 comment




හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්ම වැඩේ පටන් ගන්නම්. මම සිංහල සබ් එකක් අරගෙන එන්නේ සෑහෙන කාලෙකට පස්සෙයි. අධික රාජකාරී මැද්දේ උනත් මේ චිත්‍රපටිය ගේන්නේ සිංහල උපසිරැසි දාන්න තියෙන ආශාව නිසාමයි. තව දෙයක් කියන්න ඕනේ මේක මම කරන්න බාර අරගෙන දැන් මාස ගණනාවක් වෙනවා. ඒත් අපේ හෙඩ්ස් මේක ඉක්මනට කරලා දෙන්න කියලා කිසිම කලබලයක් කලේ නෑ. ඒකට මම හෙඩ්ස්ට ස්තූති කරනවා.
තවත් අටුවා ටීකා නැතුව වැඩේට බහිමු. මේක 2012 වර්ෂයේදී තිරගත වෙච්ච රහස් පරීක්ෂකවරයෙක් වටා ගෙුන ක්‍රියාදාම වලින් පිරිච්ච සුපිරිම ගනයේ චිත්‍රපටයක්. හැබැයි මේකේ හච්චරම ජනප්‍රිය අයනම් නෑ. චිත්‍රපටියේ නම Alex Cross .IMDb දර්ශකයේ 5.1/10 ක අගයක් සටහන් කරගෙන තියෙනවා. කොහොම උනත් මම තුන්වෙනියට කරපු Colombiana ෆිල්ම් එකට පස්සේ මම කරපු සුපිරිම චිත්‍රපටිය මේක තමයි කියලා කියන්න පුළුවන්. මේ චිත්‍රපටයට මගේ ලකුණු සටහනේ නම් අඩුම ගානේ 8.0/10 ක් වත් තියෙන්න ඕනේ කියලා මම හිතනවා.

කතාව ගැන කියනවා නම් ඇලෙක්ස් කියන්නේ දක්ෂ පොලිස් නිළධාරියෙක්. මෙයාට එක්තරා මිනිමරුවෙක්ව අල්ලන්න අදාල පලාතේ පොලීසියෙන් නියම කරනවා. ඒ මිනිමරුවාව කොහොම අල්ල ගනීවිද? ඒ වැඩේ කරන්න යනකොට මොහුට කුමන ආකාරයේ කැප කිරීම් කරන්න සිද්ධ වෙනවද? අවසානයේ මොහුගේ ඉලක්කය සපුරා ගන්නවද? කියලා බලන්න චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා අාරාධනා කරනවා.

තවත් මේ වගේම ලස්සන සලරුවක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් දැනට මම සමු ගන්නම්. වෙලාව තියෙනව නම් හැමෝම ෆිල්ම් එක ගන්න ගමන් පොඩි කමෙන්ට් එකකුත් කොටාගෙනම යන්න කියලා ආරාධනා කරනවා. 






Related Posts

1 comment

Post a Comment

Subscribe Our Newsletter