-->

Percy Jackson sea of monsters 2013 SINHALA SUBTITLES (සිංහල උපසිරැසි) idx/sub format


ඔයාලා විජ්ජාවන් සම්බන්ධ චිත්‍රපට නම් බලන්න කැමති ඔන්න අදයි ඒ විශේෂ දිනය. හැරිපොටර් චිත්‍රපටයෙන් පසු විජ්ජා සම්බන්ධ චිත්‍රපටයක් හරියට නොදැක්ක ඔයාලාට මෙන්න අමුතුම ලෝකයක සැරිසන්න කියාපු චිත්‍රපටයක් ගෙනාවා. මේ චිත්‍රපටයේ ලොකු මුහුදු අශ්වයෝ, අහසින් යන වාහන, මිනී කන යෝධයෝ, මුහුදු රාක්ෂයන් හා බර්ම්‍යුඩා ත්‍රිකෝණයේ මිනිස්සු අතුරුදන් වන හැටි වැනි අමුතුම සිද්ධීන් පෙලක්ම දැකගන්න පුළුවන්. ඇතැම් විට ඔයාලා මේකෙ පළවෙනි චිත්‍රපටය බලන්න ඇති. හැබැයි මට පේන විදිහට පළවෙනි චිත්‍රපටයට වඩා වෙනස් ආකාරයේ තාක්ෂණ ගොඩක් මෙදාපාර ආපු චිත්‍රපට එකතුකරලා තිබෙනවා. එමෙන්ම කියන්න ඕන පළවෙනි එක බැලුවෙ නෑ කියලා මේක නොබලා ඉන්න එපා මොකද එනිසා ලොකු බලපෑමක් මෙයට ඇතිවන්නෙ නෑ. කතාව මුලුමනින්ම දිව යන්නෙ රාක්ෂයන් හා දෙවියන් වටායි.අපිත් බොහෝ වෙලාවට දන්න ස්‍යුස් හේඩීස් හා පොසයිඩන් යන දෙවිවරු තිදෙනා දේව ලෝකය පාලනය කරනවා.එහෙත් ඔවුන්ට දේවලෝකයේ දරුවන් සිටිනව වගේම මිනිස් ලෝකයෙත් දරුවන් සිටිනවා (දෙවියො වුනත් හැඟීම් තියෙනවනෙ). ඉතිං එම දරුවන්ට හඳුන්වන නම තමයි මධ්‍යස්ථ ලේ ඇති දරුවන් ලෙස. මම ඒක චිත්‍රපටයේ කෙටි කරලා බාග මිනිසුන් ලෙස නම් කරා නැත්නම් කියවගන්න බෑනේ. ඉතිං මේ බාග ලේ තියෙන දරුවන්ට විශේෂ හැකියාවන් තම දේව පියවරුන් දීලාතිබෙනවා ඒ හැකියාවන් සහිත එක් දරුවෙක් තමයි පර්සි ජැක්සන් කියන්නෙ. ඉතිං ඔය ටික මම කිව්වෙ පළවෙනි චිත්‍රපට නොබලපු ඔයාලා වෙනුනේ


කතාව කිව්වොත් පර්සි පොඩි කාලෙ ඔහු වගේම බාග ලේ ඇති ළමයි හතර දෙනෙක් ආක්ෂයන්ට බයේ කඳවරකට ආරක්ෂාව පතා දුවගෙන එනවා. ඒත් රාක්ෂයන් බේරීමට ඉඩදෙන්නෙ නැතිකොට තාලියා කියන එඩිතර බාග ලේ ඇති දරුවා අනෙක් අයව බේරීමට තම ජීවිතය පූජා කරනවා. ඇය මම ඉහත සඳහන් කළ ස්‍යුස් නම් දෙවියාගේ බාග ලේ ඇති දියණියයි. ඉතිං තම දියණියගෙ පණකෙන්ද රැකීම සඳහාත් ඇයට උපහාර පිණිසත් රාක්ෂයන්ගෙන් ආරක්ෂාවීමට යම් බාධකයක් ස්‍යුස් දෙවියා විසින් යොදනවා. එහෙත් කාලයක් යනකොට එම බාධකය කවුදෝ කෙනෙක් නැතිකරලා සියල්ලෝගෙම ජීවිත අණතුරේ දානවා. ඉතිං දැන් අපි බලමු මේ අය කොහොමද බේරෙන්නෙ? කවුද බාධකය නැතිකරේ කියලා.

චිත්‍රපටයේ මහන්සිය සාරාංශයක් ලෙස දැක්වුවහොත් එය සෑදීම සඳහා දැරූ වියම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 90 වක මුදලක් වැය කොට ඇතිබව පෙන්වා දිය හැකියි. හැබැයි 2013 නොවැම්බර් 08 වන දින දක්වා ලබාගෙන ඇති ආදාරයම වශයෙන් වාර්ථා වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 67 ක මුදලකි. එමෙන්ම චිත්‍රපටය නිර්මානය කරලා තියෙන්නෙ අපි කවුරුත් දන්න Fox 2000 Pictures ආයතනයයි. එමෙන්ම ප්‍රධාන පිරිමි චරිතයට පණ පොවන්නෙ Emma Watson සමඟ The Perks of Being a Wallflower චිත්‍රපටයේ රඟ පෑ Logan Lerman විසිනුයි. එමෙන්ම ප්‍රධාන කාන්තා චරිතයට පණපොවන්නෙ Texas Chainsaw 3D (2013) චිත්‍රපටය රඟ පෑ Alexandra Daddario විසිනුයි.ඉතිං මං හිතනවා යම් කරුණු කිහිපයක් ඔබේ දැනුමට මම ලබා දුන්නා කියලා. දැන් ඔයාලාගේ වාරේ. අමතක නොකර කමෙන්ටුවකින් සංග්‍රහ කරලාම මම දීපු උපසිරැසිය රසවිඳින මෙන් මම අහිංසකව ඉල්ලනවා. තවත් චිත්‍රපටයකින් හමුවන තුරු හැමෝටම සුබ දවසක්







Quality: DVDrip/WEBrip/Bluray
Size:700M/1.4G

වර්ග තුනටම උපසිරැසිය ගැලපේ

බාගැනීම්:

800 MB Torent BRRIP
700MB DVDrip Torrent (Xvid)
300MB Web-dl Torrent
700MB Web-dl Torrent (x264)










Related Posts

Post a Comment

Subscribe Our Newsletter